Migration to Australia can be complex. Let us make it easy

ELMTREE MIGRATION LAWYERS

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම සංකීර්ණ විය හැකිය. අපි එය පහසු කරවමු.

Elmtree Migration Lawyers යනු ඕස්ට්‍රේලියානු ආගමන නීති සමාගමකි. සංකීර්ණ ඕස්ට්‍රේලියානු සංක්‍රමණ නීතිය පිළිබඳ අපගේ ප්‍රවීණතාවය මත පදනම්ව නිවැරදි හා සවිස්තරාත්මක විශ්ලේෂණයක් තුළින් අපගේ සේවාදායකයින් සඳහා හොඳම ප්‍රතිඵල ලබා ගැනීමට අපේ නීති සමාගම උත්සාහ කරයි.

Elmtree Migration Lawyers හි ප්‍රධාන විශේෂිත වීසා ක්ෂේත්‍ර:

  • Employer Sponsored Temporary Work Visas (TSS 482) සේවා යෝජකයා විසින් අනුග්‍රහය දක්වන තාවකාලික රැකියා වීසා
  • Employer Sponsored Permanent Work Visas (186, 187) සේවා යෝජකයා විසින් අනුග්‍රහය දක්වන ස්ථිර රැකියා වීසා
  • Global Talent Visa (858) ගෝලීය කුසලතා වීසා
  • Graduate Work Visas (485) උපාධිධාරී රැකියා වීසා
  • Family Visas – Partner Visa, Parent Visa and Child Visa පවුල් වීසා, දෙමාපිය වීසා සහ ළමා වීසා
  • Business and Investment Visas (188, 888) ව්‍යාපාර සහ ආයෝජන වීසා

Elmtree Migration Lawyers හි අඛණ්ඩ වර්ධනයට දායක වූයේ සේවාදායකයින් තනි තනිව තක්සේරු කිරීම සහ ඕස්ට්‍රේලියානු සංක්‍රමණ නීතියේ සංකීර්ණ හා දුෂ්කර අවස්ථා සඳහා විසඳුම් සෙවීමෙනි. සියලුම ජාතීන්ට අයත් අපගේ සේවාදායකයින්ගේ විශ්වාසය හා සහයෝගය දිනා ගැනීමට අපට හැකි වී තිබේ.

Principal Lawyer ප්‍රධාන නීතිඥ

Elmtree Migration Lawyers හි ප්‍රධාන නීතිඥ Rowena Chan Grant, මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් නීතිය හා ව්‍යාපාර උපාධියක් ලබා ඇති අතර වසර 18 කට වැඩි නීති පුහුණුවක් ලබා ඉහළ පෙළේ නීති සමාගම් වන Herbert Smith Freehills (Melbourne) සහ Shearman & Sterling LLP (London) සමඟ වැඩ කර ඇත. වෙනත් රටවල බැංකු හා මූල්‍ය නීතිය පිළිබඳ විශේෂඥ නීතිඥවරියක් ලෙස සේවය කිරීමේ ඉතිහාසයක් ඇය සතුව ඇත. ඇය දැනට Elmtree Migration Lawyers හි ප්‍රධාන නීතිඥවරිය ලෙස සේවා යෝජකයාගේ අනුග්‍රහක වීසා සහ සංකීර්ණ ආයතනික, ව්‍යාපාර සහ ආයෝජන වීසා සඳහා වෘත්තීය උපදෙස් ලබා දෙයි.

Immigration Lawyer ආගමන නීතිඥ

Elmtree Migration Lawyers හි ආගමන නීතිඥ මියුරු වීරකෝන් Department of Home Affairs හි ලියාපදිංචි නීති වෘත්තිකයෙකි. මියුරු Migration Institute of Australia හි සාමාජිකයෙකු වන අතර සේවා යෝජකයන්ගේ අනුග්‍රහය සහිත වීසා, ගෝලීය කුසලතා වීසා සහ පවුල් වීසා ඇතුළුව විවිධ වීසා බලපත්‍ර සඳහා උපදෙස් දෙයි. ආගමන නීතිය පිළිබඳ අපගේ ගැඹුරු දැනුම හා අවබෝධය මත පදනම්ව, සැලසුම් කළ වීසා මාර්ග ඔස්සේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට අපි සේවාලාභීන්ට උදවු කරන්නෙමු.

Sinhalese Language Advice සිංහල භාෂා උපදෙස්

ඔබට සිංහල භාෂා උපදෙස් අවශ්‍ය නම් පහත තොරතුරු භාවිතා කර අප හා සම්බන්ධ වන්න.